පොහොර හිගයෙන් යල කන්නයේත් ගොවීන් පීඩාවේ!
තවදුරටත් පවතින පොහොර අර්බුදය හේතුවෙන් යල කන්නයේ වී වගාවට ද බාධා එල්ල වී ඇතැයි ගොවීන් චෝදනා කරනවා. පොහොර නොමැතිවීම මෙන්ම ඉන්ධන මිල සහ ට්රැක්ටර් ගාස්තු ඉහළ යාම ඇතුලු ගැටලු කිහිපයක් හේතුවෙන් ගොවි ජනතාව මේවනවිටත් යල කන්නයේ වගාකර ගත නොහැකිව දැඩි පීඩාවට පත්ව සිටින බවයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න පැවසුවේ.