පොලාර්ඩ් සමුගනියි!
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක කයිරන් පොලාර්ඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබේ.
IPL තරගාවලියේ මුම්බායි කණ්ඩායම හා එක්ව සිටින පොලාර්ඩ් ඒ අතරතුර විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර ඇත.
ඔහු කොදෙව් කණ්ඩායමේ විස්සයි විස්ස සහ එක්දින නායකයා ලෙසින් කටයුතු කර ඇත.