පේරාදෙණිය රෝහලේ ශල්‍යකර්ම නැවතත් යථා පරිදි ඇරඹෙයි! – සෞඛ්‍ය අංශ වහා පියවර ගනියි !

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලුම ශල්‍යකර්ම තාවකාලිකව නතර කර ඇතැයි ඊයේ (28) දිනයේ නිවේදනය කර තිබිණි.

ඊට හේතු වී ඇත්තේ වෛද්‍ය උපකරණ හා ඖෂධ හිගයයි. මෙම තීරණය ඊයේ දිනයේ සිට නැවත දැනුම්දෙන තුරු ක‍්‍රියාත්මක කරන බවද එහි සදහන් විය.

කෙසේ වෙතත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරන්ත මහතා අද නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ එම තීරණය අත්හිටුවවන ලද බවයි.

ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදීමට වෛද්‍ය සැපයුම් අංශය පොරොන්දු වීම මත මෙම තීරණය ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.