“පෙට්‍රල් මෙට්‍රික් ටොන් 50,000ක්” මැලේසියාවෙන් ලැබෙන තෙල්!

ජූලි 10 හෝ 11 දිනය තුළ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 50,000ක් සහ භූමිතෙල් මෙට්‍රික් ටොන් 10,000ක් මෙරටට ලබා දෙන බවට මැලේසියානු සමාගමක් තහවුරු කර ඇතැයි බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (ජූලි 3) පැවති මාධ්‍ යහමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට මැලේසියානු රජය ද අනුමැතිය ලබා දී ඇති බව ය.

මෙට්‍රික් ටොන් 50,000ක පෙට්‍රල් තොගය අදියර දෙකක් යටතේ මෙරටට ලබා දීමට අදාළ මැලේසියානු සමාගම උත්සහ කරන බව ඔහු සඳහන් කළේ ය.

අදාළ සමාගම පෙට්‍රල් නෞකාව පිළිබඳව මෙතෙක් තොරතුරු ලබා දී නොමැති අතර ජූලි 10 හෝ 11 වන දා එම නෞකාව මෙරටට ගෙන්වීමට බලාපොරොත්තු වන බව කංචන විජේසේකර මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

“මම බලාපොරොත්තු වෙනවා අද රාත්‍රී වෙනකොට හෝ හෙට උදෑසන වනවිට නිශ්චිත තොරතුරක් ලබා ගන්න. මැලේසියානු රජය ත් විශාල සහයක් ලබා දීලා තියෙනවා. ඒ අනුව එම නෞකා දෙක අපි ලබාගැනීමට බලාපොරොත්තු වෙන්නේ ජූලි මස 10 හෝ 11 යන දින දෙක ඇතුළත පෙට්‍රල් නෞකාව ලබා ගැනීමට කටයුතු කරන්න. ඒ අතරතුර අපි වෙනත් විකල්ප වෙනුවෙන් මැලේසියානු රජය මැදිහත් වීමෙන් අපිට සලසා දී තිබෙන මේ පෙට්‍රල් නෞකාව යම් හේතුවක් මත 10 හෝ 11 පැමිණෙන්නේ නැත්නම්, 10, 11 දින දෙක තුළ ලබාගත හැකි වෙනත් විකල්ප ගැනත් අපි සාකච්ඡා කරනවා. ඉන්දියානු IOC සමාගම එක්කත් මේ පිළිබඳව සාකච්ඡා කරනවා.”

Leave a Reply

Your email address will not be published.