පිටිපස්සේ දොරෙන් අනුරගේ කැබ් එකට නැග්ගේ කව්ද?

ඊයේ පාර්ලිමේන්තුව අසල විරෝධතාකරුවන් අතරට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැමිණෙනවා. මෙහිදී විරෝධතාකරුවන් සහ මන්ත්‍රවරයා අතර සුහද කතාබහක් පැවැත්වෙන අතරතුරදී අනුර කුමාර පැමිණි කැබ් රථයේ පිටුපස අසුනෙහි අසුන් ගත් පුද්ගලයා පිළිබඳව මේ වනවිට බොහෝ දෙනොගේ අවධානය ලක්ව තිබෙනවා.

සුම්පූර්ණ වශයෙන් මුව ආවරණය වන හෙල්මටයක් පැළඳී මෙම පුද්ගලයා විරෝධතාකරුවන් අතිරින් පැමිණ මෙලෙස එම වාහනයට ගොඩ වෙනවා.

මෙම සිදුවීමත් සමග සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනා සඳහන් කර තිබුණේ කැබ් රථයක ගමන්න ගන්න හෙල්මට් එකක් කුමටද යනුවෙනි.

කෙසේ වෙතත් මෙම සදුවීමත් සමග මෙම විරෝධතාවයන් පිටුපස ජාතික ජනබලවේගයේ උසි ගැන්වීමක් ඇති බවට බොහෝ දෙනා අදහස් දක්වා තිබුණා.

ජනතාවගේ අරගලයක් බවට සමාජ ගත කරමින් මෙම විරෝධතාවන් පිටුපස දේශපාලන උසි ගැන්වීම් ක්‍රියාත්මක වන බවට මෙය කදිම නිදසුනක් බවද බොහෝ දෙනා සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published.