ප්‍රදේශ රැසකට පස්වරුවේ වැසි!

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල අද උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.

Leave a Reply

Your email address will not be published.