“නොරොච්චෝලේ 1ක් ඩවුන්” විදුලි සැපයුමට මොකද වෙන්නේ?

නොරොච්චෝලේ එක් බලාගාරයක හදිසි බිඳවැටීමක් සිදුවී ඇති බව වාර්තා වෙයි.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙගාවොට් 270 ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වේ.

මෙම තාක්ෂණික දෝෂය නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා දින 5ක කාලයක් ගතවන බව වාර්තා වේ.

කෙසේවෙතත් දැනට පවතින විදුලි කප්පාදුව දීර්ඝ කිරීමකින් තොරව එය කළමනාකරණය කර ගනිමින් විදුලි සැපයුම සිදුකරන ලෙස අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.