“නීතිඥ සංගමයේ ලේකම්ගේ පියා හොරෙක්” අනුර කුමාර හෙළිකරයි!

“රට වනසපු හොරු වළපල්ල තොග පිටින් හෙළිදරව්ව” මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැඳී මහතාගේ පියා වන ජගත් බාලපටබැඳී මහතා දුශිතයෙකු ලෙස හඳුන්වමින් ප්‍රහාරයක් එල්ල විය.

“අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවේ සභාපති අල්ලසක් අරගෙන ඒ අල්ලස් කොමිසමේම පැමිණිල්ලක් තියෙනවා. ජනවාරි පළවෙනිදා දැම්ම පැමිණිල්ල. අල්ලස් හෝ දුෂණ කොමිසමේ සභාපතිවරයා.. නමත් අවශ්‍යද? බාලපටබැඳී.. ඔහු වාහනයක් එකලස් කිරීමේ නිදහස් කිරීම වෙනුවෙන් ඔහුට තිබෙනවා පැමිණිල්ලක්.. ඉතින් මෙහෙමයි වෙලා තියෙන්නේ.. අපේ රට මේ දුෂණයේ අල්ලසේ ගොදුරක් වුනු අහිංසක දුපතක්” යනුවෙන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.

දැනගන්නට ලැබෙන පරිදි නීතිඥ සංගමයේ ලේකම් වීම‍ට බලාසිටි ජනතා විමුක්ති පෙරමුණේ ජේෂ්ඨ නීතිඥ ලෙස හඳුන්වන නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජික උපුල් කුමාරප්පෙරුම විසින් මේ පිළිබඳව සඳහන් කරන ලෙසට අනුර කුමාර දිසානායක මහතාට ලිපි ගොනුව ලබා දී ඇත. ඒ පියාට දුෂණ චෝදනා එල්ලකර නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැඳී මහතාගෙන් පලිගැනීමටයි.

නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ කනිෂ්ඨ නීතිඥයෙකු ලෙස දීර්ග කාලයක් කටයුතු කර ඇති නීතිඥ උපුල් කුමාරප්පෙරුම විසින් නීතිඥ සංගමයේ ලේකම්වරයා ඉලක්ක කර ඔහුගේ පියාට ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම අද මාධ්‍ය හමුවට පැමිණ සිටි නීතිඥවරුන් විසින් දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කෙරෙනු මාධ්‍යවේදීන්ට අසන්නට ලැබුණි. එක් නීතිඥවරයෙකු එය හැඳින්වූවේ සාලිය පීරිස් මහතාගේ දකුණු අත විසින් වම් අතට පහර දීමක් ලෙසයි.

ලිපිගොනු විශාල ප්‍රමාණයක් තිබියදී හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සහ හිටපු අල්ලස් කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳී මහතා ඉලක්ක කිරීමේ යටි අරමුණ මේවන විට ඉතාමත්ම අපක්ෂපාතීව නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා සමග එක්ව ලේකම් ධුරයේ කටයුතු කරන බවට ප්‍රකට ඉසුරු බාලපටබැඳී මහතා ලේකම් තනතුරෙ වැඩකටයුතු කිරීමේදී අපහසුතාවයට ලක් කිරීමේ අරමුණින් සිදුකර ඇති බවට බොහෝ නීතිඥවරුන් කනස්සල්ලෙන් යුතුව සඳහන් කරන ලදි.

Leave a Reply

Your email address will not be published.