“නව කැබිනට් මණ්ඩලය” අලුත්ම ආරංචිය මෙන්න!

නව අමාත්‍ය මණ්ඩලයේ සෙසු අමාත්‍යවරුන්ද අද දිනයේ දිවුරුම් දෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වනවිට අමාත්‍යවරුන් සිව්දෙනෙකු දිවුරුම් දී ඇති අතර වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ තවත් අමාත්‍යවරුන් 16 දෙනෙකු අද දිනයේ දිවුරුම් දෙනු ඇති බවටය.

මෙවර කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ද ඇතුළුව අමාත්‍යවරුන් 20 දෙනෙකුට සීමා වනු ඇති.

වාර්තා වන්නේ සමගි ජන බලවේගයේ ස්වාධීන වු මන්ත්‍රීවරුන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහ ශ්‍රි ලංකා පොදු පෙරමුණේ මෙන්ම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙනු ඇති බවටය

මේ අතර සතියේ කැබිනට් රැස්වීමද අද පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු කැබිනට් රැස්වීම ද මෙය වෙයි.

කෙසේවෙතත් ඊයේ දිනයේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් දැනට දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් සිව්දෙනා අතර සාකච්ඡාවක් ද මේ වනවිට පවත්වා තිබේ.

Leave a Reply

Your email address will not be published.