දොස්තරලාගේ ගුටිකෙළිය බේරන්න ගිය පොලිසියට වැටුණු ලෙඩේ!

පකිස්තානයේ කරච්චි නුවර ජින්නා රෝහලේ ශල්‍යාගාරයේ වෛද්‍යවරුන් අතර ඇති වූ ගුටිබැට හුවමාරුවක් නිසා ඔවුන්‍ගේම ඉල්ලීමට විසදීමට ගිය පොලිසියට අවසානයේ දී සමාව ඉල්ලා සිටීමට සිදුවූ පුවතක් වාර්තාවනවා.

ජින්නා රෝහලේ ශල්‍යාගාරයේ වෛද්‍යවරුන් දෙදෙනෙක් අතර ගැටුමක් හටගෙන ඇති බවත් ඒ සදහා මැදිහත්ව විසදුමක් ලබාදෙන ලෙසත් පොලිසිය වෙත වෛද්‍යවරැන්‍ පිරිසක් වෙතින් කැදවීමක් ලැබී තිබෙනවා.

ඒ අනුව එහි පැමිණි පොලිසිය එම වෛද්‍යවරුන් ශල්‍යාගාරයේන් පිටතට තල්ලු කළ බවයි පැවසෙන්නේ.

අනතුරැව පොලිසිය තමන්ට අයුතු ලෙස සැලකූ බව සදහන් කරමින් අදාළ කැදවීම සිදුකළ වෛද්‍යවරැන් ඇතුළු සියල්ලන් එක්ව ශල්‍යාගාර කටයුතු නවතා දමා වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව සදහන්.

විරෝධතාව අවසන් කිරීමට නම් පොලිසිය ඔවුන්ගේ හැසිරීම ගැන සමාව ගත යුතු බව ද වෛද්‍යවරැන් මෙහිදී පවසා තිබෙනවා.

පොලිසිය අදාළ සමාව ගැනීමෙන් පසු වර්ජනය නිමාවී ඇති අතර තමන්ට සිදුවූ දේ පිළිබදව පොලිසිය බලවත් කණස්සල්ල පළකර ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published.