දේශබන්දු හා සනත් නිශාන්ත අත් අඩංගුවට ගැනීමට නියෝග!

පසුගිය 9 වැනි දා කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී පුරවැසි විරෝධතා ව්‍යාපාරයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හඳුනා ගත් පුද්ගලයන් 24 දෙනෙකු වහා ම අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගැනීමට නියම කර ඇති 24 දෙනා අතර, බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද සිටින බව යි පොලිස් ආරංචි මාර්ග තහවුරු කරන්නේ.

එමෙන්ම මෙම ගැටුමට සෘජුව ම සම්බන්ධ වූ පුත්ත්ලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ද අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව යි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published.