දිමුත් ට එංගලන්තයෙන් කැඳවීමක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න කෙටි කාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමකින් කැඳවීමක් ලැබී තිබේ.

ඒ අනුව ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේ තරග තුනක් සඳහා ඔහු යෝර්ක්ෂයර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත ය.

ඉන් පළමු තරගය බ්‍රහස්පතින්දා නොර්ත්ඇම්ටන්ෂයර් කණ්ඩායම සමග පැවැත්වෙයි.

33 හැවිරිදි දිමුත් මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5,620ක් රැස්කර තිබේ.

ඔහු ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත ලැයිස්තුවේ 5 වන ස්ථානයේ පසුවෙයි.

Leave a Reply

Your email address will not be published.