දින කිහිපයකින් ඉන්ධන හිඟය අවසන් කරනවා!

දින කිහිපයක් ඇතුළතදී කඩිනමින් ඉන්ධන හිඟය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර ඇත.

අදාළ අමාත්‍යංශයේ බලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට කොලොන්නාව සහ මුතුරාජවෙල සිට ඉන්ධන බෙදාහැරීම සිදුකෙරෙන බවය.

ඒ අනුව අද (17) සිට ඉන්ධන බෙදාහැරීම කඩිනමින් ක්‍රමවත්ව කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

Leave a Reply

Your email address will not be published.