දමිතා ඇතුළු අරගලකරුවන් 05ක් උසාවි කැඳවයි!
මැයි 25 වැනිදා පැවති උද්ඝෝෂණයකදි “පොලිස් රාජකාරියට බාධා කළේයැ”යි චෝදනාව මත ආණ්ඩු විරෝධී ක්‍රියාකාරීන් 5 දෙනකුට ජූනි 13 වැනි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා අඟහරුවාදා (7) දිනයේදී සිතාසි භාර දී තිබේ.
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි, රංගන ශිල්පිනී දමිතා අබේරත්න, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්, ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ‘රැට්ටා’ හෙවත් රතිඳු සේනාරත්න යන අය එසේ අධිකරණය හමුවට කැඳවා ඇත.
පහත පලවන්නේ ඒ සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ’ (Journalists for Democracy in Sri Lanka -JDS) නිකුත්කර ඇති ට්විටර් සටහනකි.
