“තෙල් බවුසරයට ගිනි තිබ්බා නම් අද රඹුක්කනක් නෑ”

රඹුක්කන උද්ඝෝෂණකරුවන් ඉන්ධන ලීටර් 33,000 ක් සහිත බවුසරයක් ගිනි තැබීමට සුදානම් වු අවස්ථාවේදී පොලීසිය තමන්ට ඇති බලතල අනුව එය නැවැත්වීමට කටයුතු කළ බවත් තෙල් බවුසරයට ගිනි තිබ්බේ නම් අද රඹුක්කනක් නැති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේන් ඉල්ලීමක් කර ඇතැයිද ඔහු සඳහන් කළේ‍ය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදී ඔහු පවසා සිටියේ මෙම සිදුවීම විමර්ශනය කිරීම සඳහා අවිස්සාවේල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත් කර තිබෙන බවත්, අදාල සිදුවීමේදී රඹුක්කන පොලීසිය කටයුතු කළ ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

මීට අමතරව රඹුක්කන සිදුවීම පිළිබඳව ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණකයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමන් ඉල්ලීමක් ද කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.