තවත් උන්ඩියල් කාක්කෙක් යුරෝ 50,000ක් එක්ක බොරැල්ලෙන් මාට්ටු!
නීතිවිරෝධි ආකාරයෙන් උන්ඩියල් ක්රමයට ජාවාරම් කිරීම සඳහා විදෙස් මුදල් තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පැපිලියාන ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්යය බළකා විශේෂ මෙහෙයුම් අංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි යුරෝ 50,000 මුදලක් සමග අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
බොරැල්ල ප්රදේශයේ පදිංචි 53 හැවිරිදි එම සැකකරු යුරෝ මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්යය බළකාය පවසයි.
එම විදෙස් මුදල් තොගයේ වටිනාකම මෙරට මුදලින් රුපියල් මිලියන 18.69ක් පමණ වන අතර ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සදහා කිරුළපන නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත භාරදී තිබේ.
විදෙස් මුදල් හිඟයට හේතුවක් වී ඇති උන්ඩියල් ක්රමය මෙරට විවිධ ප්රදේශවල ක්රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ කාර්යය බළකාය දිවයින පුරා වැටලීම් ක්රියාත්මක කර ඇති බව වාර්තා වෙයි.