තරුණ ජීවිතයක් මහමග හප්පා ගිය පාඨලීගේ පෙත්සමේ කරුණු තහවුරු කරන්න දින දෙයි!

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් තමාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුවේ විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සමේ කරුණ්‍ර තහවුරු කිරීමට ලබන මැයි 19 වැනිදාට කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (28) නියෝග කර තිබේ.

ආර්. ගුරුසිංහ, ඒ. එස්. කුමාරරත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම අද (28) කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

ඒ අනුව මෙම නඩුවේ කරුණු තහවුරු කර ගැනීම සඳහා ලබන මැයි මස 19 වැනිදාට කැඳවන ලෙසට අභියාචනාධිකරණය දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published.