ණයට කිරි දෙන්න නවසීලන්තය එකඟ වෙයි!

නවසීලන්තයේ කිරි හා සත්ව නිෂ්පාදන සහන ණය ක්‍රමයට ශ්‍රී ලංකාවට ලබා දීමට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා එකඟත්වය පළ කර ඇත.

නවසීලන්ත මහ කොමසාරිස්වරයා තමා හා කළ සාකච්ඡාවකදී එසේ එකඟ වූ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමති දිනේෂ් ගුණවර්ධන පැවසීය.

දෙරට අතර පවතින ආර්ථික හා සංවර්ධන සබඳතා වර්ධනය කිරීම හා නවමු ආර්ථික හා සංවර්ධන සංකල්පයන් කෙරෙහි යොමුවීම පිළිබඳව ද මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව ද ඇමතිවරයා පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සාර්ථකව පවත්වාගෙන යන දන්ත වෛද්‍ය පීඨය තවත් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා වී ඇත.

Leave a Reply

Your email address will not be published.