ඩොලර් මිලියන 200ක පෙට්‍රල් හා ඩීසල් තොගයක්!
පිරිපහදු කරන ලද ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම පිණිස ප්‍රසම්පාදනයන් පිරිනැමීම
ඉන්දියානු අපනයන – ආනයන බැංකු සහාය මත ලැබී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක කෙටිකාලීන ණය පහසුකම් යටතේ ඩීසල් සහ පෙට්‍රල් මිල දී ගැනීම පිණිස ප්‍රසම්පාදනයන් 04ක් සඳහා මිල ගණන් කැඳවා ඇත.
ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එකී ප්‍රසම්පාදනයන් සීමාසහිත ඉන්දියානු තෙල් සංස්ථාව වෙත පිරිනැමීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.