ඩොලර් ට්‍රිලියන 12ක රත්තරන් උගන්ඩාවෙන් මතුවෙයි!

මෑතකාලීන ගවේෂණ සමීක්ෂණවලින් ඩොලර් ට්‍රිලියන 12කට අධික ටොන් මිලියන 31 ක පමණ රන් ලෝපස් නිධි සොයාගැනීමට සමත්ව ඇති බව උගන්ටා රජය නිවේදනය කර තිබේ. මේ අනුව එම නිධි ගොඩ ගැනීම වෙනුවෙන් විශාල ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය බවත් උගන්ඩා රජය නිවේදනය කරයි.

පසුගිය වසර දෙක තුළ, භූ භෞතික හා භූ රසායනික සමීක්ෂණ සහ විශ්ලේෂණවලින් අනතුරුව රට පුරා සිදුකළ ගුවන් ගවේෂණය වල ප්‍රතිඵල අනුව මෙම සොයාගැනීම සිදුකළ බව උගන්ඩාවේ බලශක්ති හා ඛනිජ සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රකාශක සොලමන් මුයිටා රොයිටර් පුවත්සේවයට පවසා තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ ලෝපස් ටොන් මිලියන 31කින් පිරිපහදු කළ රත්‍රන් ටොන් 320,158 ක් ලබා ගත හැකි බවයි. බොහෝ නිධි සොයාගෙන ඇත්තේ කෙන්නියාවට මායිම්ව රටේ ඊසානදිග කෙළවරේ කරමෝජා හි ය. මීට අමතරව රටේ නැගෙනහිර, මධ්‍යම සහ බටහිර ප්‍රදේශවල ද විශාල සංචිත හමුව තිබේ.

Leave a Reply

Your email address will not be published.