ඩීසල් ඉල්ලා පුත්තලම – කොළඹ මාර්ගය අවහිර කරයි!

සිය වාහන සදහා ඩිසල් ලබා දෙන ලෙස ඉල්ලමින් පිරිසක්  අද (1) උදෑසන සිට  පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයෙන් මාර්ගය සම්පුර්ණයෙන් වසා දමා ඇති බව මදුරන්කුලිය පොලිසිය පවසයි.

පසුගිය 18 දින සිට මදුරන්කුලිය නගරයේ ඉන්ධනහල් වලට  ඩිසල් ලබා නොදිමට විරෝධය පාමින් 500 කට ආසන්න පිරිසක් මදුරන්කුලිය සමුපකාර ඉන්ධනහල අසලින් හා නගරය මැදින් වු ස්ථාන දෙකකදී මාර්ගය වසා දමා තිබේ.

මර්ගය වසා දැමිම නිසා පුත්තලම කොළඹ මාර්ගයේ ගමනා ගමනය මදුරන්කුලිය නගරයෙන් සම්පුර්ණයෙන් වසා දමා ඇති බව පොලිසිය කියයි.

විරෝධතාකරුවන් මාර්ගය වසා දැමිමත් සමග මදුරන්කුලිය නගරයේ වෙළදසැල් විශාල සංඛ්‍යාවක් වසා දැමිම නිසා නගරය  පාලුවට ගොස් ඇති ආකාරය දැක ගත හැකිය.

වසා දමා ඇති මාර්ගය යලි විවෘත කර ගැනිමට පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.එම්.ජයමහ මහතා ඇතුළු ඉහළ පොලිස් නිළධාරින් දැඩි උත්සහයක් ගත්තද එය සාර්ථක නොවු ආකාරයක් දැක ගත හැකි විණි.

විරෝධතාකරුවෝ පවසා සිටියේ මදුරන්කුලිය ඉන්ධන හල්වලට ඩීසල් ලබා දිම සිදු කිරීමේන් පසු මාර්ගය විවෘත කීරිම සිදු කරන බවයි.

කෙසේ වෙතත් විරෝධතාවය හේතුවෙන් කොළඹ දෙසට හා කොළඹ දෙසින් පුත්තලම දෙසට ගමන් ගැනිමට පැමිණි වාහන විශාල සංඛ්‍යාවක් රැඳී තිබෙනු දැක ගත හැකිවිණි.

Leave a Reply

Your email address will not be published.