ජීවිතයේ කවදා හරි සතුටු වෙන්න පුළුවන් කියලා වාසු තීරණයක් ගනී!

මෙම සතිය තුළ තමා අමාත්‍ය පදවියෙන් ඉවත් වන බව ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර පවසයි.

මේ වනවිට ඒ මහතා තම රාජකාරි නිල රථයද අමාත්‍යාංශයට ආපසු භාරදී ඇති අතර තමාගේ අමාත්‍ය ධුරය අවදානම් බවත්  පාර්ලිමේන්තුවේදී බැටී වීරකෝන් මහතා සම්බන්ධ ශෝක යෝජනාවට අදාළ සිය කතාවේදී පැවසීය.

තමන් රට වෙනුවෙන් ගත් නිවැරදි ස්ථාවරයක් නිසා එවැන්නක් වුවත් එය ජීවිතයේ කවදා හෝ සතුටට හේතුවන බවද වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 න් එකක් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා වන්නේද වාසුදේව නානායක්කාර මහතාය.

Leave a Reply

Your email address will not be published.