ජීවන වියදම වැඩිවීම නිසා යුරෝපය පුරා වැඩවර්ජන!

ප්‍රංශයේ ගිලන්රථ සහ ට්‍රක් රථ රියදුරන් ප්‍රංශය පුරා වැඩ වර්ජන පවත්වා ඇත්තේ ඔවුන්ගේ වැටුප් ගැටලුව විසඳා නොමැති බවට චෝදනා කරමිනි. මේ අතර, පැරිසියේ සිට කිලෝමීටර් 120ක් පමණ දුරින් පිහිටි ඔර්ලියන්ස් නගරයේ ට්‍රක් රථ රියදුරන් කාර්මික සංකීර්ණයක් අසල මාර්ග අවහිර කරමින් රථවාහන තදබදයක් ඇති කළේය.

එක් වෘත්තීය සමිති ප්‍රධානියෙකු වර්ජනය “අනතුරු ඇඟවීමේ වෙඩි තැබීමක්” ලෙස හැඳින්වූ අතර, වසංගතය අතරතුර රියදුරන් අත්‍යවශ්‍ය සේවකයින් ලෙස සලකනු ලැබුවද, ඔවුන් දැන් අතහැර දමා ඇති බවට චෝදනා කළේය.

ජීවන වියදම් අර්බුදයක් මධ්‍යයේ වැඩි දියුණු කළ සේවා කොන්දේසි ඉල්ලා සිටින යුරෝපය පුරා දහස් ගණන් කම්කරුවන් අතර ඔවුන් වෙයි.

සමහර කම්කරුවන් පවසන්නේ වසර මුලදී අත්සන් කරන ලද ගිවිසුම් දැනටමත් යල්පැන ගොස් ඇති බවයි. මන්දයත් මේ වනවිට භාණ්ඩ හා සේවා මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බවට ඔවුන් චෝදනා කරයි. යුරෝ කලාපයේ උද්ධමනය 8%ක් ඉක්මවන අතර එක්සත් රාජධානියේ එය වසර 40ක ඉහළම අගය වන 9.1%ක් දක්වා ළඟා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *