“ජීවත් වෙන්න තිබුණේ එච්චරයි” ගිනි තැබූ බස් හිමිකරු කඳුළු සලයි! [VIDEO]

පසුගිය 9 වනදා අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමට පැමිණ සිටියදී ගිනි තබා බේරේ වැවට දැමූ බස් රථයේ හිමිකරු ඊයේ මාධ්‍ය වෙත අනාවරණයක් සිදු කළා’

එම බස් රථයේ හිමිකරු වන රත්නසිරි කියාසිටියේ තම බස් රථය කැස්බෑව පිටකොටුව (120) මාර්ගයේ ධාවනය වන එකක් වන අතර එය රුපියල් 15000ක කුලී පදනමක් මත මෙලෙස ලබාදී තිබු බවයි’

එලෙස පැමිණ සිටියදී එම බසයට ගිනි තබා වැවට දමා ඇති බවටයි ඔහු අද මාධ්‍ය හමුවකදී හෙළි කළේ’

මෙම සිද්ධිය හමුවේ මේවන විට ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇති අතර බස් හිමිකරුවෙකු වුව ද තමා අංශභාග රෝගියෙකු බව ඔහු සඳහන් කළා’

තමා සතුව තිබූ එකම බස් රථය ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් මේවන විට තමන්ට කිසිදු ආදායමක් නොමැති අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට වියදම් කිරීමට පවා මුදල් නොමැති බවයි රත්නසිරි කියාසිටියේ’

ගතවූ දිනවල රාත්‍රී කාලයේ ආහාරයට ගනු ලැබුවේ ත්‍රිපෝෂ වන අතර එතරම්ම අගහිඟතා තම ජීවිතයට උදාවී ඇතැයි බස් හිමිකරුවා පෙන්වා දෙනවා’

තමන්ට තිබූ එකම ආදායම් මාර්ගය මේවන විට අහිමි වී ඇති බැවින් තමන්ට සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන ලෙසට යි ඔහු හැඩූ කඳුලින් ඉල්ලා සිටියේ’

Leave a Reply

Your email address will not be published.