“ජනාධිපති දේශබන්දුට විනාඩි 11ක් අමතලා” කිව්ව කතා ඔක්කොම අධිකරණයේදී එලියට!

අරලියගහ මන්දිරයේ සහ ගාලුමුවදොර පිටියේ ඇති වූ ගැටුම්කාරි සිද්ධිය දා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියේජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මිනිත්තු 11ක කාලයක් ජනාධිපතිවරයාගෙන් උපදෙස් ගත් බව ඒ මහතා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ ඊයේ (1) දන්වා සිටියේය.

ඊට අදාළ නඩුව ඊයේ (1) කැඳවනු ලැබූ අවස්ථාවේදී ලද්දුවහෙට්ටි මහතා මේ බව කීවේය.

ජනාධිපතිවරයාගෙන් උපදෙස් ගත් වහාම නියෝජ්‍ය පොලිස්පතිවරයා දෙපිරිසම විසුරුවා හැරීම සඳහා ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව ද ලද්දුවහෙට්ටි මහතා පැවසුවේය.

අරලියගහ මැඳුරේ සිට එන පිරිසට ගාලුමුවදොර පිටියට යෑමට කිසි ලෙසකින් ඉඩ නොදෙන ලෙස ජනාධිපතිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි ද ඒ මහතා කීවේය.

ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ගෙන් ලැබුණු උපදෙස් එම ගැටුම් වළක්වාලීමට තරම් ප්‍රමාණවත් නොවන නිසා ඔහු ජනාධිපතිවරයාගෙන් උපදෙස් පැතූ බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

සුභාෂිණී සේනානායක

Leave a Reply

Your email address will not be published.