ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් ඇති කරන අන්තර්වාර පාලනයට රාජපක්ෂලා නොසිටිය යුතුයි !

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අන්තර්වාර පාලනයක් ඇතිකර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතිකර ජාත්‍යන්තර සහාය දිනාගත යුතු යැයි හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10) පවසා තිබේ.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඇති කරන අන්තර්වාර පාලනයට අගමැතිවරයා ප‍්‍රමුඛ රාජපක්‍ෂවරුන් නොසිටිය යුතු බවත්, ඔවුන් නැවත කැබිනට් මණ්ඩලය නියෝජනය කරනු ලැබුවහොත් ජනතා විශ්වාසය නැතිවී අරගල උත්සන්නවනු ඇති බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

රටේ ඇතිවී තිබෙන අර්බුදවලට විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා හමුවී තුන්වතාවක් දැනුවත් කළ බවත් එයට යහපත් ප‍්‍රතිචාර නොලැබීම නිසා පීඩා විඳින ජනතාව පාරට බැස අරගලය පටන්ගත් බවත් හිටපු ජනාධිපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published.