“ජනපති මේ ප්‍රශ්න විසඳනවා” මාව ඔය ලැයිස්තුවට දාන්න එපා!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් එකොළොස් දෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීන ව කටයුතු කිරීමට තීරණය කළ බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (අප්‍රේල් 4) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේ ය.

අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, නලින් ප්‍රනාන්දු, නිමල් ලාන්සා, ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පියංකර ජයරත්න, රොෂාන් රණසිංහ, ජයරත්න හේරත් සහ අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් එකොළොස් දෙනා එම ලැයිස්තුවට ඇතුළත් විය.

කෙසේ වෙතත්, ඉන් මද වේලාවකට පසු පාර්ලිමේන්තුව අමතමින් අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම පවතින ප්‍රශ්න විසඳනවා නම් දිය හැකි සහයෝගය ජනතාව වෙනුවෙන් ලබා දෙන බව ය.

එබැවින් එතෙක් අදාළ ලැයිස්තුවට තමාගේ නම ඇතුළත් කර නොගන්නා ලෙස ඔහු එහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published.