“ජනතාව පරදා ප්‍රචන්ඩත්වයට ජය” ඉන්ධන පිරවුම්හල් 40ක් වැසේ!

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 40ක් වසා දමා ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා පැවසුවේ, පිරවුම්හල් සේවකයන් බියවද්දා පාරිභෝගිකයින් ඉන්ධන ලබාගැනීමට කටයුතු කිරීම හේතුවෙන් එම පිරවුම්හල් වසාදමා ඇති බවය.

එම පිරවුම්හල්වලට ඇනවුම් කළ ඉන්ධන තොග සියල්ලම නැවත අවලංගු කර ඇති බව ද කපිල නාඔටුන්න මහතා සඳහන් කළේය.

මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව සඳහන්ය.

මේ වන විට ඉන්ධන පිරවුම්හල්වල කළමනාකරුවන්ට සහ සේවකයන්ට පහරදීම් 5ක් වාර්තා වී ඇති බව ද ඔහු කියාසිටියේය.

ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත්ව සිදුකිරීමට තවදුරටත් සහාය ලබා නොදෙන්නේනම් ඉදිරියේ දී වසා දැමෙන ඉන්ධන පිරවුම්හල් ගණන වැඩි විය හැකි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.