ගොවි විරෝධතාවයක් මැද පස්ස දොරෙන් ඇමති පැනයයි!

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අසලදී ගොවීන් පිරිසක් අද විරෝධය පල කළා. ආහාර බෝග නිෂ්පාදනය ජාතික සංග්‍රාමය හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ පැවැත්වුණා.

අමාත්‍යවරයා උත්සව සභාව අමතමින් සිටින අවස්ථාවේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ගොවි නියෝජිතයින් පිරිසක් විරෝධතාවයේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

යල කන්නයේ වගා සඳහා පොහොර ලබාදෙන ලෙස හා ගොවීන්ට ඉන්ධන ලබාදෙන ලෙස බලකරමින් එම ගොවීන් විරෝධතාවයේ නිරත වී තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීර විරෝධතාකරුවන් මඟහැර වෙනත් වාහනයකින් අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පිටුපස දොරටුවෙන් පිටව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.

අද පැවති උත්සවයෙන් අනතුරුව අම්බලන්තොට වී පර්යේෂන මධ්‍යස්ථානය හා රිදියගම රජයේ සත්ව ගොවිපල නිරීක්ෂනය කිරීමටද සැලසුම් කර තිබු කෘෂිකර්ම අමාත්‍යවරයා එම ස්ථානවලටද නොගිය බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published.