ගෑස් මිල අඩු කළ හැකි ක්‍රමය ගැන ලිට්රෝ කතා කරයි!
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමුවේ රුපියල් 2,185 කින්. ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 4,860 ක්. කිලෝ ග්‍රෑම් 05 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,945 ක් දක්වා ඉහළ දැමුණා. කිලෝ ග්‍රෑම් 2 යි දශම 3 ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 910 ක්. මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ හොත් ගෑස් මිල ඉහළ දමනවා මෙන්ම මිල අඩු කිරීමටද හැකි වනු ඇති බවයි ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් පැවසුවේ.