ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ලේ ගුල්ලෝ !
මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශය තුළ ගැබිණි මව්වරුන්ට ලබා දුන් පෝෂණ මල්ලේ අඩංගු සහල් මනුෂ්‍ය පාරිභෝජනයට නුසුදුසු බවට ගැබිණි මව්වරුන් පිරිසක් මන්නාරම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට අද පැමිණිලි කර තිබේ.
උත්තම පූජා වැඩ සටහන යටතේ මාර්තු මාසය සඳහා මෙම පෝෂණ මලු බෙදා හැර ඇති අතර එක් පෝෂණ මල්ලක වටිනාකම රුපියල් 2000 කි.
මෙම මල්ලට අඩංගු කොට ඇති සහල් මන්නාරම සමුපකාර සමීති ගබඩාවක කාලයක් ගබඩා කොට තිබු මිනිස් පාරිභෝජනයට නුසුදුසු සහල් බව ප්‍රකාශ කොට ඇති ගැබිණි මව්වරුන් එම සහල් වල පණු කැදලි ගුල්ලන් හා පණු විශේෂයක්ද කුඩා කුරුමිණි විශේෂයක් සිටින බවටද පැමිණිලි කර තිබේ.