ගාලුමුවදොර විරෝධයට ආ රැප් ගායකයා මරුට!
කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවේ යෙදී සිටි රැප් ගායකයකු ඊයේ (11) රාත්රියේ හදිස්සියේ මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා හෘදයාබාධයක් හේතුවෙන් මියයන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර ඔහු මිය යෑමට සුළු මොහොතකට පෙර ද ගීත ගායනා කරමින් විරෝධයට සහභාගී වූ පිරිසට සහයෝගය දුන් අයෙකු වෙයි.
ශ්රී ලංකාව තුළ රැප් සංගීතය ප්රචලිත වූ මුල් අවධියේ රැප් ගීත ගායනා කළ ෂීරාස් ෂිරාස් නමින් ජනප්රිය වූ ඔහු ඊයේ (11) රාත්රියේ විරෝධතාවයට සහයෝගය පළ කිරීමට විවිධ සංගීත ශිල්පීන් එක්ව විරෝධතා භූමියේ සංවිධානය කළ ප්රසංගයට එක්ව ගීයක් ගැයීමෙන් පසුව හදිසියේ අසනීප වූ බව වැඩිදුරටත් වාර්තාවෙයි.