ගහපු කණේ පහර ගැන හොඳම නළුවා සමාව අයදී – ලෝකෙටම කිව්ව කතාව මෙන්න!

තම බිරිඳ පිළිබඳ නුසුදුසු ප්‍රකාශයක් කිරීම හේතුවෙන්, සුපිරි නළු විල් ස්මිත් ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට ඊයේ පහර දුන්නා. ඒ අමරිකාවේ ලොස් ඇන්ජලීස් හි දී පැවැත්වුණු 94 වැනි ඔස්කාර් සම්මාන උළෙල අතරතුරදීයි.

වේදිකාව මත දී මෙම පහර දීම සිදු කර ඇති අතර, ක්‍රිස් රොක් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ, විල් ස්මිත්ගේ බිරිඳ වන ජාඩා පින්කට් ස්මිත්ටයි.

ජී.අයි.ජේන් නමැති තිරගත වීමට නියමිත චිත්‍රපටයේ සිටින නිළියගේ තට්ට කොණ්ඩය විල් ස්මිත්ගේ බිරිඳගේ කොණ්ඩයට සමාන කොට විහිළුවක් කිරීම යි මෙම පහර දීමට හේතු වී ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළ පරිදි විල් ස්මිත්ගේ බිරිඳට හිස කෙස් වැටීමේ රෝගයක් තිබෙන බවත් එවැනි විහිළුවක් තුළින් ඇය තවදුරටත් මානසික ව වැටිය හැකි බවත් විල් ස්මිත් පවසනවා.

කෙසේ වෙතත් විල් ස්මිත් රසිකයන්ගෙන් හා එතැන සිටි සියලු දෙනාගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

සමාව ඉල්ලමින් ඔහු සිය සිනමාවේ මිත්‍රයින්ගෙන් මෙන්ම සහෘද ප්‍රේක්ෂකයින්ගෙන් ද සමාව ඉල්ලමින් විශේෂ සටහනක් සිය නිල මුහුණුපොත හරහා සිදු කර තිබෙන්නේ මෙලෙසින්.

”ප්‍රචණ්ඩත්වය සෑම අතකින් ම විනාශකාරී දෙයක්. ඊයේ රාත්‍රියේ ඇකඩමි සම්මාන උළෙලේදී මගේ හැසිරීම පිළිගත නොහැකි සහ සමාව දිය නොහැකි වරදක්. රොක්ගේ විහිළු කිරීම ඔහුගේ ම රැකියාවේ කොටසක් බව මං පිළිගන්නවා. නමුත් ජාඩාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විහිළුවක් මට දරාගත නොහැකි දෙයක් . මම හැඟීම්බර ව ප්‍රතිචාර දැක්වූයේ ඒ නිසයි…මම ඔබෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න කැමතියි, ක්‍රිස් මං පිටතින් ඉඳන් ඒ දේ බැලුවේ. මට වැරදුණා. මම ලැජ්ජාවට පත්වෙනවා මගේ ක්‍රියාව ගැන.. ආදරය සහ කරුණාව ඇති ලෝකයක ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැහැ.

(Violence in all of its forms is poisonous and destructive. My behavior at last night’s Academy Awards was unacceptable and inexcusable. Jokes at my expense are a part of the job, but a joke about Jada’s medical condition was too much for me to bear and I reacted emotionally. I would like to publicly apologize to you, Chris. I was out of line and I was wrong. I am embarrassed and my actions were not indicative of the man I want to be. There is no place for violence in a world of love and kindness.)

ඇකඩමියෙන්, ප්‍රසංගයේ නිෂ්පාදකවරුන්ගෙන්, සහභාගී වූ සියලුම දෙනාගෙන් සහ ලොව පුරා නරඹන සියලු දෙනාගෙන් මම සමාව අයැද සිටින්න කැමතියි !. මම විලියම්ස් පවුලෙන් සහ මගේ රිචඩ් රජ පවුලෙන් සමාව ඉල්ලන්නත් කැමතියි.

(I would also like to apologize to the Academy, the producers of the show, all the attendees, and everyone watching around the world. I would like to apologize to the Williams Family and my King Richard Family. I deeply regret that my behavior has stained what has been an otherwise gorgeous journey for all of us.)

මේ අතර, හොඳම නළුවා ලෙස විල් ස්මිත් ඊයේ දින සම්මානයට ද පාත්‍ර වුණා. ඒ ”කින්ග් රිචඩ්” චිත්‍රපටිය වෙනුවෙන්.

Leave a Reply

Your email address will not be published.