ගන්න කියද්දී බෑ කිව්ව අනුර කුමාර චාන්ස් එකක් ඉල්ලයි!

රට තුළ පවතින මූලික ගැටලුවලට කෙටි කලක් තුළ විසඳුම් ලබා දිය හැකි බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

අග්‍රාමාත්‍ය ධුරය සහ කැබිනට් මණ්ඩලය පත් කර ගැනීමේ අවස්ථාව ලබා දෙන්නේ නම් මාස 6න්  විසඳුම් ලබා දිය හැකි බවයි ඔහු සඳහන් කලේ

කෙසේ වෙතත් වර්තමාන අග්‍රාමාත්‍යවරයා පත්වී මේ වනවිට දින 45ක් පමණ ගතව ඇති තත්වයක අනුර කුමාර මන්ත්‍රීවරයා මාස 6කුත් සජිත් ප්‍රේමදාස මහතා වසර 5කුත් රට ගොඩ නගන්නට කාලය සහ බලය ඉල්ලා සිටින අතර මේ දෙදෙනාම වගකීම ගැනීමට නොහැකි බව කියා පැන දුවද්දී අභියෝගය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතාට අඩුම ගානේ මාස 3ක් වත් සහාය ලබා නොදීම ඔවුන්ගේ දේශපාලන කුහකත්වය මනාව කියා පෑමක් බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published.