ගං වතුරට සේදී නොගිය හමුදා විරුවන්ගෙ මිනිසත්කම!

මේ දිනවල ආරම්භවී ඇති අපොස (සා/පෙළ) විභාගයට  පුත්තලම ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථාන වෙත යන දරුවන්ට පසුගිය දින කිහිපය තුළ පැවති අධික වැස්සට යට වීම නිසා අද (24) සිසුහු දැඩි අපහසුතාවට පත්වී තිබුනා.

පුත්තලම නගරයේ  ශාන්ත ඇන්ඩෘ විද්‍යාලය , පුත්තලම ෆාතිමා බාලිකා විද්‍යාලය ,සහිරා විද්‍යාලය, කිල්අඩිය මුස්ලිම් විද්‍යාල ඇතුළු විභාග මධ්‍යස්ථාන ඇතුළු පාසල් රැසක  සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරු දැරියන්ට ඇති වූ අපහසුතාවය මඟහරවා ඔවුන්ට සහන සලසමින් විභාග මධ්‍යස්ථානය නව ස්ථානයක ස්ථාපනය කිරීමට යුද්ධ හමුදා භටපිරිස් සිය සහය ලබාදී තිබෙනවා.

ඒ අනුව, පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලය වෙත කඩිනමින් පැමිණි 141 වන බලසේනාවට අයත් යුද්ධ හමුදා සාමාජිකයෝ මෙම ක්‍රියාන්විතය සඳහා සිය සහයෝගය ලබාදුන්හ.

 පුත්තලම අධ්‍යාපන කාර්යාලය සදහන් කලේ  බාධාවකින් තොරව  ආරක්ෂිත ස්ථානවලට සිසුන් රැගෙන ගොස් විභාගය පැවැත්වූ බවයි.

එහි පිංතුර කිහිපයක් පහතින් 

Leave a Reply

Your email address will not be published.