කන්න නැති ශ්‍රී ලංකාවට බංග්ලාදේශයෙන් අර්තාපල්!

ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට අර්තාපල් සැපයීමට පියවර ගන්නා බවට බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පොරොන්දු වී තිබේ.

එරට අග්‍රාමාත්‍ය මාධ්‍ය එකකය පවසන්නේ, SAARC සංවිධානයේ මහ ලේකම් ඇසල වීරකෝන් මහතා සමග ඩකා නුවරදී පැවති හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ බව ය.

බංග්ලාදේශය ජනගහනය අධික රටක් වුව ද, ශ්‍රී ලංකාවේ අර්බුදයක් පවතින අවස්ථාවේ අර්තාපල් සැපයීමට පියවර ගන්නා බව ය.

දකුණු ආසියාවේ සිටින බරපතළ ම සතුරා දුප්පත්කම බව ත්, දුප්පත්කම පිටුදැකීම සඳහා සාක් කලාපයේ රටවල් එක්විය යුතු බව ත් බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published.