කඩ කෑම මිල යළි ඉහළට ?

ගෑස් මිල වැඩිවීම හමුවේ ආපනශාලාවල විකිණීමට තබා ඇති ආහාරවල මිල තීරණය කිරීමේ වගකීම එහි හිමිකරුවන්ට ලබාදෙන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

ගෑස් මිල වැඩිවීම හේතුවෙන් තේ, කිරි තේ, බත් ,කොත්තු, ආප්ප, පරාටා, රොටී සහ ක්ෂණික ආහාර ඇතුලු සියලු ආහාරවල මිල ඉහළ යනු ඇති බව ඔහු කියා සිටියේය.

ආපනශාලා ආහාරපානවල මිළ ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන විශේෂ සාකච්ඡාවක් අද(27) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published.