ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ ගන්න මිලියන 2,500ක්!
අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සහ සෞඛ්‍ය උපකරණ මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 2,500ක් මුදල් අමාත්‍යාංශය පෙරේදා (7) සෞඛ්‍ය අංශ වෙත පිරිනමා ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් මිලියන 1,000ක්, ඖෂධ නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 1,000ක් සහ රජයේ වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 500ක් ලෙස මේ මුදල් දුන් බව මහා භාණ්ඩාගාරයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කර තිබේ.
අත්‍යවශ්‍ය බෙහෙත්, වෛද්‍ය උපකරණ ඇතුළු සෞඛ්‍ය අංශ වියදම් පියවා ගැනීමට අරමුදල් නැතිකමින් මතුව තිබූ ගැටලු ගණනාවක් මේ නිසා විසඳී තිබේ.