“එකතුවීම හැර වෙන විසඳුමක් නැහැ”

රට තුළ මේ වනවිට ඇතිවී තිබෙන ආර්ථික සහ දේශපාලනික අර්බුදයට එකතුවීමකින් හැර වෙනත් විසඳුමක් නොමැති බව සමගි ජන බලවේගය පවසයි.

සමගි ජන බලවේගය අද (25) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබූ අතර එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඒ බව පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,  රටට අවශ්‍ය දේශපාලනික හා ආර්ථික ප්‍රතිසංස්කරණ පැලැස්තරවලින් විසඳීමට නොහැකි බවය.

“අපි හැම වෙලාවෙම කිව්වේ ආර්ථික ප්‍රශ්නයයි දේශපාලන පක්ෂයයි එකපාර විසඳන්න අවශ්‍ය කියලයි.”

“ඉදිරියේදී ආහාර අර්බුදයක් එනවා. හාල් නෑ කිව්වා. රුපියල් ට්‍රිලියනයක් අච්චු ගහන්න වෙනවා කියනවා. ඩොලරුත් නෑලු. අගමැති කිව්වා.”

“අපි පාර්ලිමේන්තුවේ ඉඳන් රජයට අවශ්‍ය ධනාත්මක සහයෝගය ලබාදෙනවා. පාර්ලිමේන්තු කමිටු හරහා ඒක කරන්න පුළුවන්.”

“අගමැතිවරයා අපේ යෝජනා ගැන ධනාත්මක ප්‍රතිචාර දක්වයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

“පෝලිම් අඩු කරන්න කෙටිකාලීන විසඳුම අවශ්‍යයි. ඒ වගේම මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් අවශ්‍යයි.” 

“තම කොච්චර කල් මේ ක්‍රමයට යන්න පුළුවන් වෙයිද කියලා මට පුරෝකතනයක් දෙන්න බෑ. හැබැයි එකතුවීමකින් හැර මේකට විසඳුමක් නෑ.”

“අපිට කකුලෙන් අඳින්න උවමනාවක් නැහැ.” 

“අපේ යෝජනා ක්‍රියාත්මක කරන්න සියලුම දේශපාලන පක්ෂවල සහයෝගය ලබාගන්න වෙනවා.” 

“ඒක පාවිච්චි කරන්න පුළුවන් ද බැයිද කියන එක රජය තීරණය කරන්න ඕනේ.”

“සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් හදන්නයි අපි ඉදිරිපත් කළේ. 

“එක්සත් ජාතික පක්ෂය කියන මව් පක්ෂයෙන් අපි වෙනස් වෙන්නේ එතනදියි.”

“විපක්ෂයේ සහාය නැතුව රජයට මේක කරගන්න බැරිවෙයි කියන එක තමයි අපේ මතය.”

“අපි ජනාධිපතිතුමාට හෙට යන්න කියන්නේ නෑ. අපි කියන්නේ කාලරාමුවක් දෙන්න කියලයි.” 

“ජනාධිපති එක තැනකදි අපෙන් ඇහුවා.. ඔයගොල්ලෝ මට හෙට යන්න කියලා කියන එක අසාධාරණයි නේ කියලා. එකතොටත් අපි ඒක පැහැදිලිව කිව්වා.”

“අපිට රනිල් වික්‍රමසිංහ මහතා සමග පුද්ගලික ප්‍රශ්නයක් නෑ. අපිට තියෙන්නේ ප්‍රතිපත්තිමය ගැටලුවක් විතරයි.”

“රුපියල් ට්‍රිලියනයක් අච්චු ගැහුවොත් රටට මොකක්ද වෙන්නේ කියලා අගමැතිතුමා පැහැදිලිව දන්නවා. හැබැයි මොනාද තියෙන විකල්ප.”

Leave a Reply

Your email address will not be published.