ඉන්ධන මිල ගැන තවත් තීරණයක්!

ඉදිරියේ දී එක මිල සූත්‍රයක් යටතේ IOC සහ සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සඳහා එකඟතාවයකට පැමිණි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවසීය.

“මේ රටේ තිබෙන බලශක්ති අර්බුදය, විදුලි අර්බුදය සහ ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීම වෙනුවෙන් අපිට ඊයේ රාත්‍රියේ යම් මිල සංශෝධනයක් කරන්න වුණා.”

“IOC සමාගමත් එක්කත් අපි සාකච්ඡා කළා. ඔවුන්ට හිතෙන හිතෙන ආකාරයකින් මිල වෙනස් කිරීමක් නොකර අපත් සමග සාකච්ඡා කරලා ඒ දේවල් කරන්න කියලා අපි ඉල්ලීමක් කළා.”

“ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ පවතින බොර තෙල් මිල, පවතින ඩොලරයේ මිල ආදිය සියල්ල සැලකිල්ලට ගෙන එක මිල සූත්‍රයක් අනුව කටයුතු කරනවා.”

“IOC සහ සිපෙට්කෝ කියන දෙකම එක මිල සූත්‍රයක් යටතේ මිල ඉහළ දාන්නත් පහළ දාන්නත් වාචිකව එකඟතාවයකට ආවා.”

“ඒ අනුව ඊළඟ මාසයේ මිල සූත්‍රයක් හඳුන්වාදෙන තුරු සති 4ක් දක්වා එකම මිලකට IOC සහ සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් පවත්වාගෙන යායුතුයි කියලා තීරණයක් ගත්තා.”

Leave a Reply

Your email address will not be published.