ඉන්ධන බෙදාහැරීම ගැන ඇමතිගෙන් නිවේදනයක්!

ඉන්ධන බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සහ ඩිපෝවල මෙහෙයුම් සිදුවෙමින් පවතින බව බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

මේ අතර දුම්රිය, රජය සතු බවුසර් සහ කූලි පදනම මත ලබාගත් පෞද්ගලික ඉන්ධන බවුසර් රථ යොදා ගනිමින් එම කටයුතු ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම වර්ජනයේ යෙදී සිටින ඇතැම් පෞද්ගලික කුලී බවුසර් සාමාජිකයින් බෙදාහැරීම් ආරම්භ කර ඇති ටැංකිවලට බාධා කරන බවට හඳුනාගෙන ඇති බව ද කංචන විජේසේකර අමාත්‍යවරයා තැබු සටහනේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published.