ඉන්ධනවල ප්‍රමිතියක් නැද්ද?
සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝවේ සත්‍ය සඳහන් ආකාරයට නාරම්මල ඉන්ධන පිරවුම්හලට ලැබී ඇති ඉන්ධන තොගවල ප්‍රමිතියේ හා ගුණාත්මකභාවයේ වෙනසක් ඇත් දැයි පරීක්ෂා කරනු පිණිස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ හා CPSTL ආයතනයේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීහු පිරිසක් අද නාරම්මල ඉන්ධන පිරවුම්හල වෙත පිටත් ව ගියහ.
අදාළ සිදුවීමේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයා බලා වහා ම තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.
