ඉන්දීය මුදල් ඇමතිනිය අලි සබ්‍රිට කීවේ කුමක්ද?

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉහළ පෙළේ ඉන්දීය ආර්ථික දූත පිරිස අප්‍රේල් 18දා වොෂිංටනයේ IMF මූලස්ථානයේදී මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රමුඛ දූත පිරිස හමුවී තිබේ.

සීතාරාමන් මහත්මිය ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබාදීම පිළිබඳව අමාත්‍ය අලි සබ්‍රි මහතා වෙත සහතික වී ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.

එමෙන්ම, විශේෂයෙන්ම විස්තීරණ අරමුදල් පහසුකමක් කඩිනම් කිරීම සඳහා කරන ලද විශේෂ ඉල්ලීම මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව කරන සාකච්ඡා සඳහා ඉන්දියාව පූර්ණ සහාය ලබාදෙන බවද ඇය සඳහන් කළ බව මුදල් අමාත්‍යාංශය කියයි.

අද (19දා) තවත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට තවදුරටත් කටයුතු යොදා ඇති අතර, මෙම රැස්වීම් සඳහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු දූත පිරිස සහභාගී වෙති.

Leave a Reply

Your email address will not be published.