ඉන්දීය ණය ආධාර දීර්ඝ කරගන්න සාකච්ඡා!
ඉන්දීය ණය ආධාර තවදුරටත් දීර්ඝ කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසයි.
එසේම ලෝක බැංකුවෙන්ද ආධාර දැනටමත් ඉල්ලා ඇතැයි පැවසූ අමාත්‍යවරයා ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු කර ඇතැයි ප්‍රකාශ කළේය.
ආර්ථිකය වැඩි දියුණු කර ගැනීම සඳහා සියලු උපාය උපක්‍රම අනුගමනය කරමින් සිටින බවද ඔහු සඳහන් කරයි.