“ඉන්දීය ණයවලින් යකඩ ගෙනාවේ නෑ” මුදල් ඇමතිගෙන් ප්‍රකාශයක්!

අත්‍යවශ්‍ය ආහාර ගැනීම සඳහා ඉන්දියාව දුන් ණය මුදලින් ඩොලර් මිලියන 750ක් යකඩ ගෙන්වීමට වැය කර ඇති බවට ගෙන යන ප්‍රචාරය නිර්මාණය කළ ප්‍රබන්ධයක් බව මුදල් හා අධිකරණ ඇමැති, ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (5) පැවසීය.

මේ කාරණාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර ඇති බවත් මෙවැනි අසත්‍ය කතන්දර ප්‍රචාරය කිරීමෙන් වැළකිය යුතු බවත්, ඇමැතිවරයා පැවසුවේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ ඇසූ ප්‍රශ්නයන්ට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ලෝකයේ ඉන්ධන මිල සියයට 138කින් ඉහළ ගොස් ඇති බවත් ණය සඳහා වැඩිම පොලී ගෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර, සියයට 50ක පොලියක් ණය ලෙස ගෙවන බවත් ඇමැතිවරයා පැවසුවේය.

බදු ගෙවන්නන්ගේ ලියාපදිංචි වීම ලක්ෂ දහයකින් ද, වැට් බදු ගෙවන්නන් 20,000කින් ද අඩු වී ඇති අතර, බදු ගෙවන්නන් මෙලෙස අඩු වීම විශාල ප්‍රශ්නයක් බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

වී නිෂ්පාදනය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ගෙන්වා ගැනීමට ඉන්දීය රජය සමඟ සාකච්ඡා ආරම්භ කළ බවත් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මේ මිලදී ගැනීම් කිරීමට සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් ඇමැතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published.