ඉන්දියාව දින 8ක් තුළ 7 වැනි වරටත් තෙල් මිල ඉහළ දමයි!

ඉන්දියාව තුළ පසුගිය දින 8 තුළ හත්වැනි වරටත් ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්දියාව කටයුතු කර තිබේ. මේ අනුව ඉන්දියාවේ දිල්ලිහි පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය සත 80කින් හා ඩීසල් ලීටරයක මිල ඉන්දිය ශත 70කින් ඉහළ දැමීමට අඟහරුවාදා කටයුතු කර තිබේ.

මුම්බායි හි පෙට්‍රල් ලීටරයක් ​​රුපියල් 115.04 කට අලෙවි කෙරෙන අතර ඩීසල් ලීටරයක් ​​රුපියල් 99.25 කට අලෙවි කෙරේ. මෙට්‍රෝ නගර අතරින් ඉන්ධන මිල තවමත් ඉහළම අගය වන්නේ මුම්බායි නගරයේය. ඉන්දියාව විසින් තෙල් සම්බන්ධයෙන් අයකරන අගය එකතු කළ බද්ද (VAT) හේතුවෙන් එහි ප්‍රාන්තවල මිල ගණන් වෙනස් වේ.

ඉන්දියන් ඔයිල්, භාරත් පෙට්‍රෝලියම් සහ හින්දුස්ථාන් පෙට්‍රෝලියම් වැනි රාජ්‍ය තෙල් පිරිපහදු ආයතන ජාත්‍යන්තර වෙළඳපොලේ බොරතෙල් මිල සහ රුපියල-ඩොලර් විනිමය අනුපාත සැලකිල්ලට ගනිමින් දෛනික පදනමින් ඉන්ධන මිල සංශෝධනය කරයි. පෙට්‍රල් සහ ඩීසල් මිලෙහි යම් වෙනසක් සෑම දිනකම පෙරවරු 6 සිට ක්‍රියාත්මක වේ.

ඉන්දියාව සිය තෙල් අවශ්‍යතා සපුරාලීම සඳහා ආනයනය මත සියයට 85 ක් යැපෙන අතර දේශීය පෙට්‍රල් සහ ඩීසල් මිල ජාත්‍යන්තර මිල ගණන් සමඟ සම්බන්ධ වේ.

යුක්රේනය සහ රුසියාව සාම සාකච්ඡා සඳහා යොමු වීමත්, කොවිඩ්-19 නැඟීම මැඩපැවැත්වීම සඳහා ෂැංහයි හි මූල්‍ය කේන්ද්‍රය වසා දැමීමෙන් පසු චීනයේ ඉන්ධන ඉල්ලුම පහත වැටීමේ බිය නිසාත් තෙල් මිල පහත වැටුණි.

බ්‍රෙන්ට් බොරතෙල් දර්ශකය අනුව බොරතෙල් බැරලයක් ඩොලර් 111.30 ක් ලෙස සටහන් වූ අතර එක්සත් ජනපද බටහිර ටෙක්සාස් අතරමැදි බොරතෙල් මිල ඩොලර් 104.87 ක් විය.

Leave a Reply

Your email address will not be published.