ඇවන්ට්ගාඩ් ගිණුමට බැර කරන්න ගිය අරගලකරුවන්ගේ බොරුව!

පසුගිය මැයි මස නවවෙනිදා ආදරය වපුරන්නට කතා කරමින් සිටි අරගල කරුවන්ගේ මිලේච්ඡ ස්වාභාවය ලොවට හෙළි විය. ඔවුන් ජීවිත හානි කරමින්, රුපියල් බිලියන ගණනක පොදු හා පෞද්ගලික දේපළ ගිනි තියමින්, ගෙවල් ගිනි තියමින් තමන් පැවත එන්නේ කුමන දේශපාලන පසුබිමකින් දැයි ලොවට විදහා පෙන්නුවෝය.

එදිනම ඔවුන් තවත් බොරුවක් සමාජගත කර විශේෂ අවසරයක් මත එළිමහනේ වැඩට ගොස් නැවත බන්ධනාගාරය බලා යමින් සිටි ‍රැඳවියන් පිරිසකට පහර දුන්නේ ඔවුන් ඇවන්‍ට්ගාර්ඩ් සමුහ ව්‍යාපාරයේ අධිපති නිශ්ශංක සේනාධිපති විසින් අරගලකරුවන්ට පහර දීමට එවු පිරිසක් සේ සලකාය. මේ අසරණ රැඳවියන් අරගලයට පහර දීමක් පිළිබඳව නොදැන සිටි මුත් මිලේච්ඡ අරගලකරුවන්ගේ දැඩි ප්‍රහාරයකට ලක් විය. රැඳවියන්ට රෝහල් ගත වීමට ද සිදු විය. ඒවා මෙරට ප්‍රධාන හා සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය විය.

අවසානයේ මෙය මානව හිමිකම් කොමිෂන් සභාව දක්වා ගිය ප්‍රශ්නයක් බවට පත්විය. ඔවුන් මේ ගැන සොයා බැලීම සඳහා නීතීඥ සංජීව වීරවික්‍රම , නීතීඥ එල්. මාෂා සේනාධීර සහ වෛද්‍ය දිල්ෂානි බෝගොල්ලාගම යන අයගෙන් සමන්විත කමිටුවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පත්කර තිබුණි.

කමිටුව අවශ්‍ය සාක්ෂි ලෙස ලේඛනගත කිරීම් සහ වීඩියෝ දර්ශන ඇතුළු විද්‍යුත් සාක්ෂි යන දෙකම සදහා අවධානය යොමු කරමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලද අතර රජයට එල්ල වී ඇති චෝදනාවල බරපතලකම සහ සිරකරුවන්ට එල්ල වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින් මෙම පරීක්ෂණය පැවැත්විණි.

අරගලකරුවන්ට පහර දීම සඳහා සිරකරුවන් යොදා ගත් බවට සිදුකළ රඟපෑම මිලේච්ඡ අරගලකරුවන්ගේ කපටි හා අසත්‍ය ක්‍රියාවක් වන බව කමිටුව මෙහිදී ප්‍රකාශ කර ඇත. කමිටුව තවදුරටත් සදහන්කරන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුවලට සහ පිරිස්වලට එරෙහිව සාමාන්‍ය ජනතාව තුළ ඇති වන උද්ඝෝෂණ හේතුවෙන් රටේ නීතිය හා සාමය කඩාකප්පල් වී ඇති බවයි.
මෙහිදී මතුවවන ගැටලුව වන්නේ අරගලකරුවන් මෙයට ඇවන්‍ට්ගාර්ඩ් නාමය හා නිශ්ශංක සේනාධිපතිගේ නම ඈඳා ගත්තේ ඇයි ද යන්නයි. දැන් අපි එය විමසා බලමු.

2021 වසරේ ඔක්තෝම්බර් මස කැබිනට් අනුමැතියකින් පසුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ Avant Garde Manpower Recruiting (Private) Limited අතර “ශ්‍රී ලංකාවේ නිපුණ ශ්‍රමිකයන් ලෙස බන්ධනාගාරගත රැඳවියන් ඵලදායී ලෙස භාවිතා කිරීම” පිළිබඳ ගිවිසුමක් සකස් කරන ලදී. මෙම වැඩසටහන සඳහා තෝරාගත් සිරකරුවන් කණ්ඩායම වටරැක විවෘත බන්ධනාගාර කඳවුරේ රඳවා තබන ලදී.

සවිස්තරාත්මක විමර්ශනය සඳහා මෙම වැඩසටහනට සහභාගී වූ සිරකරුවන් සමඟ බන්ධනාගාර බලධාරීන්, අදාළ නිලධාරීන් විසින් සපයන ලද සවිස්තරාත්මක සාක්ෂි කමිටුව විසින් සම්පාදනය කරන ලදී. චෝදනා එල්ල වූ සිද්ධිය වූ සෑම අවස්ථාවකම සිරකරුවන් ඔවුන්ගේ සේවා ස්ථානවල රැඳී සිටීමේ වැදගත් කරුණ ඔප්පු කිරීමට කමිටුව විසින් සියුම් අවධානය යොමු කරන ලදී. ස්වාධීන කොන්ත්‍රාත්කරුවන් විසින් (තුඩාවේ බ්‍රදර්ස් හා මාගා කන්ස්ට්‍රක්ශන් ) සපයන ලද ප්‍රශ්න කරන ස්ථානවල CCTV දර්ශන මගින් රැඳවියන් සහ වාහන පැමිණීමේ සහ පිටවීමේ නිශ්චිත වේලාවන් තවදුරටත් සනාත කර ඇත.

මැයි 9 වැනිදා අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාර සඳහා සිරකරුවන් අනවසරයෙන් යොදා ගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට සහය වන කරුණු කිසිවක් සොයා ගැනීමට කමිටුව විසින් කරන ලද විමර්ශනයේ ප්‍රතිඵලවලට අනුව නොහැකි විය. තවද, ගැඹුරු ඇගයීමකින් පසු චෝදනාවලට පක්ෂව විද්‍යුත් හෝ මුද්‍රිත ආකෘතිවලින් කිසිදු ද්‍රව්‍යමය සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි විය.

අරගලකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥ සේනක පෙරේරා සතුව කිසිදු සාක්ෂියක් නොවීය. නීතීඥ සෙනෙක පෙරේරා මහතා විසින් කිසිදු තහවුරු කළ හැකි සාක්‍ෂියක් නොමැතිව චෝදනා ඉදිරිපත් කරමින් සිදුකළ අතිශය වගකීම් විරහිත විෂමාචාරය විනාශකාරී ප්‍රතිවිපාකවලට හේතු විය. එබැවින්, සාමාජිකයින්ගේ නිසි හැසිරීම සඳහා අදාළ වෘත්තීය ආයතන විසින් නියම කර ඇති ආචාර ධර්ම පද්ධතිය හෝ වෘත්තීය ආචාර ධර්ම මගින් වෘත්තීය ආයතනවල සාමාජිකයින් මෙහෙයවීම අතිශයින් වැදගත් වන බවත් වෘත්තිය නියෝජනය කරන සහ බලපෑම් ඇති පුද්ගලයින්ගෙන් මෙම විෂමාචාර තත්ත්වයන් ගැන අදාළ වෘත්තීය ආයතන වගකිව යුතු බවත් කමිටුව සඳහන් කළේය.

ඇති වූ තත්ත්වයන්ගේ බරපතළකම සලකා බලා කමිටුව විසින් නීතිඥ සේනක පෙරේරාගේ භයානක ප්‍රකාශ සම්බන්ධයෙන් වැඩිදුර පියවර ගැනීමට නීතිපතිවරයාටත්, අග විනිසුරුටත් යෝජනා කර සිටියේය.

එමෙන්ම මෙවැනි දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වය පවතින මෙම අස්ථාවර කාලපරිච්ඡේදය තුළ ජාතික මාධ්‍ය ආයතන දැනුවත්ව වගකීම් සහගත වාර්තාකරණයට අනුගත විය යුතු බවත් අවංකභාවයෙන් යුතුව පුවත්පත් කලාව ප්‍රවර්ධනය කළ යුතු බවටත් කමිටුව දන්වා සිටියේය.

අරගලකරුවන් තුළ ඇවන්‍ට්ගාර්ඩ් ආයතනය හා එහි හිමිකරු නිශ්ශංක සේනාධිපති සමග තිබූ පෞද්ගලික ඊර්ෂ්‍යාව හා වෛරය නිසා අවසානයේ වන්දි ගෙවීමට සිදුවුයේ අසරණ රැඳවියන් පිරිසකටය. 1971 සිට වෛරය වපුරමින් රට ගිනි තබන මෙම 3% කුහක දේශපාලන කණ්ඩායම මෙරටින් සදහටම අතු ගා දැමිය යුතුය.

Leave a Reply

Your email address will not be published.