ඇමරිකාවෙන් ඩොලර් බිලියන 33ක ආධාර!

යුක්‍රේනයට තවත් ඩොලර් බිලියන 33 ක ආධාර සැපයීමට අමෙරිකාව සූදානම් වේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ඊට අදාළ ඉල්ලීම කොංග්‍ර‍ස් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි.

එම ආධාර පැකේජයට යුද, ආර්ථික හා මානූෂිය වශයෙන් මුදල් වෙන්කර තිබේ.

ඒ අනුව ඩොලර් බිලියන 20 ක් යුද කටයුතු සඳහාත්, ඩොලර් බිලියන 8.5 ක් ආර්ථික කටයුතු සඳහාත් ඉතිරි ඩොලර් බිලියන 3 මානූෂීය ආධාර ලෙසත් යුක්‍රේනයට ලබාදීමට යෝජනා වී තිබේ.

නව යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනපතිවරයා පැවසුවේ, ලබා දීමට යෝජිත ඩොලර් බිලියන 33 ලාභදායී නොවන බවයි.

අමෙරිකානු ජනපතිවරයා ප්‍රකාශ කළේ, කිසිසේත්ම රුසියාවට ප්‍රහාර එල්ල නොකරන බවයි.

Leave a Reply

Your email address will not be published.