ඇඳිරි නීතිය ඉවත් කළත් තවදුරටත් තියෙන නීතිය මෙන්න!

දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරිනීතිය අද අළුයම 06ට ඉවත් කෙරුණා.

මහජන ආරක්ෂක අඥා පනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ඇඳිරි නීතිය පනවනු ලැබුවේ ඉකුත් 02වනදා පස්වරු 06 සිටයි. 

කෙසේවෙතත් ඇඳිරි නීතිය ඉවත් කෙරුණ ද රට තුළ හදිසි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

රට පුරා හදිසි නීතිය පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කෙරුණේ ඉකුත් අප්‍රේල් පළමු වනදායි.

රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා එසේ කිරීම අවස්ථානුකූලයැයි අදහස් කරන බැවින් හදිසි නීතිය පනවන බවයි එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් විය.

Leave a Reply

Your email address will not be published.