ආහාර හිඟය වැළැක්වීමට කඩිනම් වගා සංග්‍රාමයක්!

ලබන වසරේ පෙබරවාරි මාසයේදී ඊළඟ කන්නයේ අස්වනු නෙලන තෙක් ඇති විය හැකි ආහාර හිඟය වැළැක්වීම සඳහා කඩිනමින් කළ හැකි වගා සංග්‍රාමයක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (23) පත් කෙරිණි.

ලෝක අහාර හිඟයක් අභිමුව සිටින ශ්‍රී ලංකාව තුළ අහාර සුරක්ෂිතතාව ඇතිකිරීම පිළිබඳ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (23) පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා මෙම කමිටුව පත් කළේය.

විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

බස්නාහිර හා දකුණු පළාත්වල වගා සංග්‍රාමය හා ආහාර සැපයීම සඳහා කටයුතු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන, විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් හා හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහත්වරුන් සහ කොළඹ පුරපතිනි රොසි සේනානායක මහත්මිය ඇතුළත් කමිටුවක් පත් කෙරිණි.

රට තුළ දැනට පවතින ආහාර ප්‍රමාණය පිළිබඳ දත්ත ඒක්රැ ස් කිරීම සහ නිර්දේශ ඉදිරිපත් පත් කිරීම සඳහා හිටපු භාණ්ඩාගාර ලේකම්වරයා පත් කෙරිණි.

ශිරෝමි අබයසිංහ

Leave a Reply

Your email address will not be published.